අනුරාධපුර නගරයේ පාසල් සඳහා ළමුන් ප්රවාහනය කෙරෙන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩ සටහනක් ඊයේ (25 දා) අනුරාධපුර නගරයේ දී පැවති අතර එහිදී පරීක්ෂාවට ලක් කෙරුණු පාසල් බස් රථය 106ක ප්රමාණයකින් බස් රථ 65ක් ළමුන් ප්රවාහනයට නුසුදුසු බව අනාවරණය විය.
මෙහිදී ඇතැම් බස් රථ වල ධාවනයට හා ආරක්ෂාවට බාධාවන් ලෙස සවි කර තිබු අමතර අංගෝපාංග ඉවත් කිරීම, අමතර නලා ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දෙනු ලැබූ අතර ධාවනයට නුසුදුසු තත්වයේ කාර්මික දෝෂ පැවැති බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමටත් කටයුතු කෙරිණි.
එම පුද්ගලයින් සඳහා එම බස් රථ අලුත්වැඩියා කර දින 14ක් ඇතුළත දී නැවත පොලිස් නිලධාරීන්ගේ හා මෝටර් රථ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට උපදෙස් ලබා දීමට ද එම මෙහෙයුමට එක්වු නිලධාරීන් එම රියදුරන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.
මෙම නිලධාරීන් විසින් බස්රථ 106ක ප්රමාණයක් පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර ඉන් බස්රථ 36ක් සඳහා සුළු වැරදි වෙනුවෙන් උප දෙස් ලබා ලබා දුන් අතර අතර පාසල් දරුවන් ප්රවාහනයට නුසුදුසු තත්වයේ පැවති බස්රථ 65 ක් සඳහා තහනම් නියෝග ලබා දුන් බව අනුරාධපුර පොලිස් රථවාහන අංශ නිළධාරින් පවසයි.
ශ්රී ලංකා මෝටර් රථ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.