ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන හෙට (20දා) දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, බණ්ඩාරවෙල ප්‍ර‘දේශවලත්, මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල හා බඩල්කුඹුර ප්‍ර‘දේශවලත් වැඩිපුර මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සිදුවේ යැයි අනුමාන කරන බව මානව හිමිකම් විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය ඊයේ (18දා) සඳහන් කළේය.
ජාතික පුස්තකාල හා ප්‍ර‘ලේඛන සේවා මණ්ඩලයේදී ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වූ එම සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ රාජ්‍ය සම්පත් යොදාගැනීම අතින් ඌව මැතිවරණය 1999 වසරේ පැවැති වයඹ පළාත් සභා මැතිවරණයට සමාන බවයි.
රාජ්‍ය බලය හා රාජ්‍ය නිලධාරීන් යොදාගෙන මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වැඩිවශයෙන් සිදුකර තිබූ බවත්, ඒ අනුව හෙට (20දා) පැවැත්වෙන මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීමට හැකියාව ලැබේදැයි යන්න සැක සහිත බවත් හෙතෙම පැවසීය.
මේ තත්ත්වය තුළ මැතිවරණ නිරීක්ෂණ ජාලය විසින් ඌව පළාතේ නිරීක්ෂකයන් 93දෙනෙකු යොදා නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත්, මීට පෙර මැතිවරණවලදී එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් නිරීක්ෂකයෙකු යෙදවුවද මෙවර නිරීක්ෂකයින් තිදෙනා බැගින් යෙදවීමට සිදුවූ බවත්, එසේම මොනරාගල දිස්ත්‍රික්කය පුරා ජංගම රථ පහක්ද, බදුල්ල දිස්ත්‍රික්කය පුරා ජංගම නිරීක්ෂණ රථ තුනක්ද යොදවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මෙවර මැතිරණයේදී මේ දක්වා නීතිවිරෝධී ප්රචාරක කටයුතු සිදුකිරීම් 179 ක්ද, මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා 73 ක්ද, රාජ්‍ය සම්පත් අයුතු පරිහරණය කිරීම් 72 ක්ද. රාජ්‍ය බලය යොදා ගැනීම් 63 ක්ද, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් 59 ක්ද, පොලීසියේ පක්ෂපාතී ක්‍රියාකලාප 09 ක්ද, නීත්‍යනුකූල ප්රචාරක කටයුතුවලට බාධා කිරීම් 43 ක්ද ඇතුළුව මැතිවරණ නිරීක්ෂණ ජාලයට පැමිණිලි 503 ක් ලැබී තිබුණු බවත්, ඉන් 286 ක් මොනරාගල දිස්ත්‍රික්කයෙන්ද, 217 ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇති බවත් අනුර කරුණාතිලක මහතා පැවසීය.
එසේම ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා 37 ක්ද, එක්සත් ජාතික පක්ෂයට 26 ක්ද, එක්සත් ජානතා නිදහස් සන්ධානයට 06 ක්ද, ප්රජාතන්ත්රවාදී පක්ෂයට එරෙහිව 01 ක්ද, වශයෙන් දේශපාලන පක්ෂවලට එරෙහිව සිදුවූ සිදුවීම් 73 ක් වාර්තා වන බවද ඔහු පවසා සිටියේය.