පළාත් පාලන ආයතන කාර්යභාරය පිළිබඳව සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයන්ට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන පුහුණු ලබාදීමට කටයුතු යොදා ඇති බව පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
මාර්ග උපදේශන පොති එළි දැක්වීම හා පාලම් 500ක් ඉදිකිරීමට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ඊයේ (17දා) සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
ʻමීට අමතරව සෑම පළාත් පාලන ආයතන නියෝජිතයෙකුටම මාර්ග උපදෙස් පොතක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. අධ්‍යාපනය, දැනුම සෑම මහජන නියෝජිතයෙකුටම තිබිය යුතු බව මගේ අදහසයි. ඒ නිසා අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිස් සඳහා ඩිප්ලෝමාවක් හැදෑරීමට අවස්ථාව ලබා දෙනවා. ʼ යැයි ද පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා