දිස්ති‍්‍රක් කාර්යාල වෙත අනුයුක්ත කර ඇති පරිසර නිලධාරින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මුදාහැරීමට ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා වෙත උපදෙස් දී ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණයකට එක්වෙමින් ජනපතිවරයා මේ උපදෙස් ලබා දී ඇත. එසේම මේ වන විට පුරප්පාඩුවී ඇති පරිසර නිලධාරි තනතුරු 89 ස`දහා උපාධිධාරින් බදවා ගනිමින් අදාළ පුරප්පාඩු කඩිනමින් පිරිවීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
ඛනිජ ද්‍රව්‍ය නිස්සාරණ කි‍්‍රයාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර, ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියට, මහවැලි අධිකාරියට මෙන්ම භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශයට ද සමාන වගකීම් පැවරී ඇති බවයි.
අදාළ කි‍්‍රයාවලිය සඳහා බලපත් නිකුත් කිරීමේදී ආයතන තුනේම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් එම කටයුතු සිදුකරන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ කොන්දේසිවලට යටත්ව කටයුතු කරන බවට සහතිකවීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කිරීමටත්, මෙම කටයුතු පිළිබඳ අදාළ ආයතන මසකට වරක් රැස්වී සාකච්ඡා කරමින් මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමේ වැදගත්කමත් පෙන්වා දී ඇත.