ලුණුගල මඩොල්සිම පුංචි ලෝකාන්ත සංචාරක ස්ථානයේ කිසිදු පොදු පහසුකමක් නොමැති වීමත් සමග නිතර පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් දැඩි අසීරුතාවයට පත්ව සිටියි.
පුංචි ලෝකාන්තයට පස්සර සිට කිලෝමිටර් 42ක් සහ ලුණුගල සිට කිලෝමීටර් 20ක් පමණ ගමන් කිරීමට සිදුව තිබේ.
මඩොල්සිම කොකාගල කඳුවැටියේ පිහිටා තිබෙන පුංචි ලෝකාන්තයේදි බිබිල,මඩකලපුව,අම්පාර,කතරගම,මහියංගන, මහඔය වැනි ප්‍රදේශ වල තිබෙන සුන්දර ස්ථාන දැක බලා ගත හැකිය.
මෙම සංචාරක ස්ථානයට නිතර පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් සහ බාල වයස්කාර පෙම්වතුන්ගේ ආරක්ෂාවට කිසිදු ආයතනයක් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරිම නිසා පැමිණෙන බාලවයස්කාර පෙම්වතුන් නොයෙකුත් හිරිහැරවලට ලක්වන බව සංචාරකයින් පවසති.
මෙම සංචාරක ස්ථානයට අවශ්‍ය පහසුකම් ලබාදි ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර දෙන ලෙස සංචාරකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.