ප්‍රකට ව්‍යාපාරිකයකු සහ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය හෙට (25) යළි ගොඩගැනීමට අවසර දුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමටද ඊයේ (23) අවසර දුන්නාය.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් ද එසේ නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඔහුගේ දේහය යළි ගොඩගෙන පරීක්ෂා කිරීමට අවසර දෙන්නැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය මීට පෙර කළ ඉල්ලීමකට අවසර ලැබීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස අවසර දුන්නාය.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා (සභාපති) රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී. සී. ආර්. පෙරේරා, පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී. එච්. එස්. ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ශිව සුබ්‍රමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ජී. ආර්. රුවන්පුර යන මහත්වරුන්ගෙන් මෙම පංච පුද්ගල විනිසුරු සමන්විතය.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් ද එසේ නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැදුම්ලත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන්නයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඉදිරිපත්වූ නාමලේඛනයට අනුව පසුගිය පෙබරවාරි 17 වැනිදා මෙම පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත් කරන ලදී.
එම වෛද්‍ය මණ්ඩලය විසින් කරන ලද මූලික විමර්ශන වලින් අනතුරුව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදු වූ හේතුව නිර්ණය කරගැනීම සඳහා ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩ ගෙන පරීක්ෂණ කළ යුතුව ඇතැයි මීට පෙර දැනුම් දී තිබිණී.
රහස් පොලිසිය මෝෂමක් මඟින් කළ ඉල්ලීමකට අනුව මෙම පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ෂාෆ්ටර් මහතාගේ දේහය ලබන 25 වැනිදා උදෑසන 8.30ට යළි ගොඩගැනීම සදහා අවශ්‍ය සිය`ථ කටයුතු සුදානම් බව දැනුම් දුන් අතර එම අවස්ථාවට සහභාගී වන ලෙස පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක්ද කළේය.
ඊට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමට සහ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමටද අවසර දුන්නාය.