කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
දිවයිනේ ප්‍රථම බාලදක්ෂ පාසල හලාවත මනක්කුලම ගිල්වෙල් උද්‍යානයේදී ඉකුත් 05 දා සවස විවෘත කෙරිණි.
බාලදක්ෂ ව්‍යාපාරයට විශාල සේවාවක් සිදුකළ හලාවත දිසාවේ හිටපු කීර්තිමත් දිසා කොමසාරිස් වරුයකු වූ දිවංගත ආචාර්ය එස්.රාජගුරු මහතා නමින් මෙම පාසල නම් කර ඇත.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ මූලස්ථාන බාලදක්ෂ කොමසාරිස් හා නුවරඑළිය වැඩ බලන දිසා කොමසාරිස් දීපාල් ගුණවර්ධන හා ජේෂ්ඨ පුහුණු නායක සනත් රෝහණ මහතා අතුළු පිරිස යෂ්ටි අචාරයෙන් බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් විසින් පිළිගනු ලැබූහ.
පෝතක , කනිෂ්ඨ , ජේෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන් , මානව බාලදක්ෂයින් පුහුණු කිරීම හා බාලදක්ෂ ව්‍යාපාරයේ සියළු ක්‍රියාකාරකම් එකම ස්ථානයකදී සිදු කිරීම මෙම ස්ථානය ආරම්භ කිරීමේ අරමුණ බවත් , ලෝකයේ විවිධ රටවල ස්ථාපනය කර ඇති සම කදවුරු (කෑම්ප්) අකාරයට මෙහි පුහුණු කිරීම් සිදුකිරීමට බලා පොරොත්තු වන බවත් මෙම පුහුණු පාසලේ නිර්මාර්තෘ හලාවත දිසාවේ හිටපු බාලදක්ෂ කොමසාරිස් අචාර්ය චම්පික රෝෂන් ලෝ මහතා මෙහිදී සදහන් කළේය.
බාලදක්ෂ පාසලට පැමිණි සියළු දරුවන් හලාවත දිසා බාලදක්ෂ කොමසාරිස් නලින් රවීන්ද්‍ර මහතා ඇතුළු පිරිස විසින් පිළිගන්නා ලද අතර, සමස්ථ ලංකා මානව හිමිකම් සම්මේලනය මගින් ප්‍රඡා සත්කාරයක් ලෙස මෙම බාලදක්ෂ පාසලේ කටයුතු සදහා අනුග්‍රහය ලබා දෙනු ලබයි.