යාපනය, චාටි වෙරළ තීරයේ සිදු කළ හදිසි වැටලීමක දී හක් බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි .
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් යාපනය, චාටි වෙරළ තීරයේදී සිදු කරන ලද වැටලීමක දී විකිණීම සඳහා එකතු කර තිබූ හක්බෙල්ලන් 179 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන යාපනය, මාන්කුම්බාන් ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාළ හක්බෙල්ලන් ඉතා දුර්ලභ ගණයේ අලෙවි කිරීමට නොහැකි බවට නාවික හමුදාව පවසයි.
නාවික හමුදා භාරයට ගන්නා ලද හක් බෙල්ලන් තොගය සහ සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා යාපනය, සහකාර ධීවර අධ්යක්ෂක කර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.