දඹුල්ල ලෙන් විහාරයට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය සහ එම විහාරයෙන් ලැබෙන ආදායම ගැන සඳහන් කරමින් ආණ්ඩුව අසත්‍ය ප්‍රකාශ පතුරුවා ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13දා) පැවසීය.
මහාසංඝරත්නයේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා මේ ආකාරයට දඹුලු විහාරයට හිරිහැර කරනුයේ අස්ගිරි පාර්ශ්වයෙන් පළිගැනීම සඳහා බව කියා සිටියේය.
“ආණ්ඩුව කියනවා දඹුල්ලේ ලෙන් විහාරයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් දවසකට රුපියල් ලක්ෂ 80ක ආදායමක් ලබනවාලු. මේ පන්සල ලෙන් සංරක්ෂණය නොකළාට කෝටි ප්‍රකෝටි ගණනක ධනයක් උපයා ගනිමින් ඉන්නවා කියනවා.රු 1,500 ටිකට් එකක් විකුණලා දවසකට රුපියල් ලක්ෂ 80ක් හොයන්නනම් දවසකට සංචාරකයන් 5,333ක් ලෙන් විහාරය නරඹන්න එන්න ඕන.
ඒ කියන්නේ වසරකට ලක්ෂ 19.5ක් සංචාරකයන් එන්න ඕන දඹුලු ලෙන් විහාරය නරඹන්න. නමුත් 2015 දී ලංකාවට පැමිණි මුළු සංචාරකයන් ගණන ලක්ෂ 18යි. මෙහෙම අතේ පත්තු වෙන බොරු ආණ්ඩුවේ ඇමතිවරුන් කියන්නේ මහාසඟරුවන ගැන වැරදි මතයක් රටේ හදලා, උන්වහන්සේලාගේ ප්‍රතිරූපය විනාශ කරලා, උන්වහන්සේලා අපහසුතාවට පත් කරන්න.
පන්සලෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න පටන් අරන් තවම මාස 04යි. මීට කලින් ටිකට් විකුණුවේ ආණ්ඩුවෙන්. එහෙම නම් දඹුල්ලේ ටිකට් විකුණලා හොයපු කෝටි ප්‍රකෝටි ධනයට මොකද කළේ? ඇයි ඒ ධනයෙන් මේ චිත්‍ර සංරක්ෂණයට කටයුතු නොකළේ කියා ආණ්ඩුව රටට කිව යුතුයි.
අස්ගිරි සංඝ සභාව කළ සිංහ නාදයෙන් ආණ්ඩුවේ රට බෙදන ව්‍යවස්ථා උගුල නැත්තටම නැති වුණා. ඒනිසාආණ්ඩුවටකේන්තියි. මේ නිසා අස්ගිරි පාර්ශ්වයෙන් පළිගන්න තමයි දඹුලු විහාරයට හිරිහැර කරන්නේ. ඉතිහාසය පුරාම පැරණි විහාර සංරක්ෂණය කලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල. මේ චිත්‍ර නිසි ලෙස සංරක්ෂණය වෙලා නැත්නම්, හානියක් වෙලා ඇත්නම් ඒකට වගකියන්න ඕනෑ ආණ්ඩුවම මිස විහාරාධිපති හිමියන් හෝ මහා සංඝරත්නය නොවන බව කිවයුතුයි."