දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවට ද්‍රෝහිකම් කරන බවට දෙමළ ජනතා නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විනායගමුර්ති මුරලිදරන් පවසයි.
මඩකලපුව පෙත්තාලයිහි ඊයේ (27) පැවැත්වුණු රැස්විමකට සභභාගි වෙමින්මේ බව පැවසීය.
මෙහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ජනාධිපති මැතිවරණයේ සන්ධානයේ කථා අහලා රැවටුන බවත් සිංහල ජනතාව විසින් පමණක් දෙමළ ජනතාව බේරා ගත් බවත් පැවසීය.
වත්මන් රජයෙන් උතුරු නැගෙනහිර ජනතාව තමන්ගේ අයිතිවාසිකම් සාකච්ඡා කර ලබා ගැනිමේ තත්ත්වයක් උදාවීමට ඉතා වැදගත් සාධක දෙමළ ජාතික සන්ධානය
බව පැවසීය.
දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව තුරුම්පුවක් ලෙස භාවිතා කරන බවත් දෙමළ ජනතාවට කිසිම සංවර්ධන කටයුත්තක් නොකළ බවත් පැවසීය.
ඉදිරිකාලයේදි දෙමළ ජාතික සන්ධානයේ කථා අහලා නොරැවටෙන ලෙසත් කල්පනාකාරීව ක්‍රියාත්මක වන ලෙසත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මඩකලපුව - ටි.එල් ජව්ෆර්කාන්