වැටුප් ගැටලු විසඳාගැනීම සඳහා වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ට සේවය අත්හැර ගියා සේ සලකා රාජකාරි ලිපිගොනුවට ලිපි නිකුත් කර තිබුණද, ගැටලු විසඳන තෙක් දුම්රිය වැඩවර්ජනය සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා 24 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය ස්ථානාධිපති නියාමක, රියදුරු පාලකවරුන් හා අධීක්ෂණ නිලධාරීන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියමාර්ගයක් ක්‍රියාත්මක කරමින් තිබේ.
නොදන්වා සේවයට වාර්තා නොකිරීම යන කරුණු සැලකිල්ලට ගෙන වැඩවර්ජනයේ නිරත දුම්රිය සේවකයන් සේවය අත්හැර ගියා සේ සලකා පෙරේදා සවස සිට ලිපි නිකුත් කිරීම සිදුකර තිබේ.
ඊයේ දිනයේදී දුම්රිය සේවකයන් කිහිප දෙනෙකු සේවයට වාර්තා කර තිබෙන අතර, මෙතෙක් ධාවනය වූ දුම්රියන් කිහිපයකට අමතරව තවත් දුම්රිය අටක් ධාවනය වූ බවද වාර්තා වේ.
එහෙත් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවන්ට පත් වූ අතර, මේ මාසයට අදාළ දුම්රිය ප්‍ර‘වේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු පවා ඇනහිට තිබේ.
අද (04දා) දිනයේදී වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ රජයේ බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර, එහිදී පිළිගත හැකි විසඳුමක් ලැබුණහොත් දුම්රිය වර්ජනය නවතා දැමීමටද සැලසුම් කර තිබේ.
වැටුප් ගැටලුව විසඳීමට රජයේ බලධාරීන් උත්සාහ කළද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු බලධාරීන් එම කටයුතු කඩාකප්පල් කරන බවද දුම්රිය සේවකයෝ සඳහන් කරති.
මේ නිසා වැඩ වර්ජනය අඛණ්ඩව ගෙනයෑමට සිදුව තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.