තමන් ජනපතිවූ විට වසරේ දින 365 පුරාම පැය 24ම සේවය කරන බව නව ප්රජතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රෙමදාස මහතා පවසයි.
අද (10දා) කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැති මංගල ජන රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“මෙතෙක් කල් සිදු නොවුණ අභිමානවත් සංවර්ධන යුගයක් ආරම්භ කරනවා. මාතෘභූමිය අභිමානවත් සංවර්ධන දේශයක් බවට පත්කරනවා.
අපි නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාවේ මොනම ආකාරයකටවත් හොරකමට, දූෂණයට, වංචාවට ඉඩ තබන්නේ නෑ, රාජ්‍ය දේපළවලට අත තියන්නේ නෑ.
අපි නිර්මාණය කරන ආණ්ඩුව මේ රටේ නිර්මාණය වුණ සුපිරිසුදුම ආණ්ඩුව බවට පත්කරනවා.
කවුරුහරි බලාගෙන ඉන්නවානම් අපේ රටේ මහජන සම්පත කොල්ල කන්න මම ඒ අයට කියනවා ආණ්ඩු හදනවට වඩා දැන්මම ගෙදර යන්න කියලා.
අපේ වරප්‍රසාද ගැන අපි හිතන්නේ නෑ. නෑ බෑ කියන වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කර ගන්නවා.
ජනතාව අපිව පත්කර ගන්නේ ජනතා ප්‍රශ්නවලට විසදුම් දෙන්නයි. පුරවැසියන් ලක්ෂ 220කට වැඩි ප්‍රමාණයක් ජීවත්වන රටේ ඔබලාගේ ප්‍රශ්නවලට විසදුම් දෙන නායකයා ලෙස ඔබගේ කරමතින් පත්වන නායකයා බවට සජිත් ප්‍රේමදාස පත්වෙනවා.
පැය 24ම දින 365ම වැඩ කරනවා. ඒකීය ශ්‍රි ලංකාව ජාති ආගම් කුල මල භේද නොතකා ආරක්ෂා කරන්න කටයුතු කරනවා.
දක්ෂ තරුණ පරපුරක් නිර්මාණය වී තිබෙනවා. මේ රටේ තරුණ පරපුරේ සුවච කීකරු ජනතා සේවකයා වන්නට සජිත් ප්‍රේමදාස සූදානම්.
තරුණ පරපුර දේශපාලන ගොදුරක් බවට පත්වෙනවා. දැනුමෙන් ශක්තිමත් බුද්ධිමත් තරුණ පරපුරට ඉදිරියට යන්න ඕන මාවත ඇති කරලා නවෝත්පාදනයට මුල් තැන දෙන අලුත් ගමනක් යන තරුණ පරපුරට විශාලම හඩ ලබාදෙන ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව බවට පත්වෙනවා.
තරුණ පරපුරත් සමග අපි තරුණ ප්රඥප්තියක් ඇති කරගන්නවා. අපි එයට නෛතික ශක්තියක් ලබාදෙනවා.
අපේ රටේ කාන්තා පරපුර අපි උසස් ලෙස සලකනවා. අපි කාන්තා පරපුරත් සමග සමාජ ගිවිසුමකට එළඹී සමාජ ශක්තිය, දේශපාලන ශක්තිය, මෙන්ම 24 පැයේම ආරක්ෂාව ලබාදෙ ශක්තිය අපි ක්‍රියාත්මක කරනවා.
බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් ගොවි ප්රඥප්තියක් හදනවා. ගොවි ජනතාවට එදා වේල ටුවර්ස් පොරොන්දු සජිත් ප්‍රේමදාස දෙන්නේ නෑ. ජනාධිපති කාර්ය සාධකය බලකායක් හදනවා.
අපි පොරොන්දු පත්‍රිකාවක් නෙමෙයි කම්කරු ජනතාව වෙනුවෙන් සැබෑ කම්කරු ප්රඥප්තියක් නිර්මාණය කරනවා.
ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා.
සරත් ෆොන්සේකා මහතාට ත්‍රස්තවාදය පමණක් නොවෙයි කුඩු ජාවාරම විනාශ කිරීමේ වගකීමත් තිබෙනවා.
දරු පරපුර වෙනුවෙන් ඊෂි කෑෂ් ක්‍රමය හරහා කුඩු ජාවාරම්කරන කුඩු ව්‍යාපාරකයන්ට ඇතුළේ සිට කුඩු ජාවාරම් කරනවානම් දෙන්න තිබෙන ඉහළම දඬුවම දෙන්න පැකිලෙන්නේ නෑ.
ජනතාවට අධික ඡීවන බරක්, අධික බදු බරක් තිබෙනවා. අනාගතයේදී මේ රට ගොඩනගන, ආර්ථිකය ශක්තිමත් කරන කාර්ය භාරය ප්‍රවීණයන්ට පවරනවා.
මේ රටේ ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කරන ආයතනවලට දේශපාලන පත්වීම් නොව හැකියාව මත පත්වීම් ලාබදීම ආරම්භ කරනවා.
සමෘද්ධි ව්‍යාපාරය අප තවදුරටත් ශක්තිමත් කරනවා. දුගී ජනතාවට දුප්පතකමින් මිදෙන්න සහන පැකේජයක් ලබාදෙනවා.
අපි අලුත් නායකත්ව පරපුරක් සමගයි ක්‍රියාත්මක කරන්නේ. අපි දක්ෂතාවට මුල් තැන දෙනවා.අනාගත රජයේ පුද්ගලයන් පඩි ලබන පුද්ගලයන් නොව ජනතාව වෙනුවෙන් දුක්විදින සේවකයන් බවට පත්වන විශිෂ්ඨ කණ්ඩායමක් අපි නිර්මාණය කරනවා.
අපේ අනාගත ගමන මේ ජයග්‍රහණයත් සමග අපි බලාපොරොත්තු වෙනවා බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දස රාජ ධර්මයන්ට අනුව ක්‍රියාත්මක කරන්න.
විරැකියාවෙන් පෙළෙන තරුණ පරපුර වෙනුවෙන් හැම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුර ඇති කර රැකියා දෙනවා.
ඉදිරි වසර 4 තුළ දහම් පාසල් අඩුකාම් තිබෙන සෑම ස්ථානයකම දහම් පාසල් හදලා යුක්ති සහගත සාධාරණ සමාජයක් ඇතිකරනවා.
වසර 4ක් ඇතුළත චෛත්‍ය රාජයාණන් නොමැති විහාරස්ථාන වෙත චෛත්‍ය රාජයාණන් වහන්සේලා ඉදිකරනවා.
අලුත් කණ්ඩායමක් සමග යන ජනතාවාදී ගමනක් අපි යන්නේ. අවශය භීතියද සතුටද, අවශ්‍ය නීතිය අවනීතියද, අවශ්‍ය හිංසාවාදය අවිහිංසාවාදයද, අවශ්‍ය පීඩාවට නිදහද, අවශ්‍ය යුක්තියද අයුක්තියද, අවශ්‍ය රට සංවර්ධනයද පවුල් සංවර්ධනයද කියලා තීරණය කරන්න අවශ්‍යයි.
අපේක්ෂකත්වය වෙනුවෙන් මට තිබුණේ කටුක ගමනක්. අනිත් අපේක්ෂකයා පවුලෙන් තෝරා ගත්තේ.
අපට තිබෙන්නේ රට දිනවන තේජස් සම්පන්න ගමනක්. මාතෘභූමිය ආරක්ෂා කරගෙන අපේකමට මුල්තැන දී අපේ දියුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න වරම ලබාදෙන්න”