දකුණු සුඩානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකන්ට ලියාපදිංචි වීම අද (01) සිට ආරම්භ වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
දකුණු සුඩානයේ රජය හා කැරලිකරුවන් අතර සාමකාමී වාතාවරණයක් උදා වී ඇති හෙයින්, තාවකාලිකව අත්හිටුවා තිබූ ලියාපදිංචිය නැවත ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා උපදෙස් ලබාදී තිබේ.
දකුණු සුඩානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති හෙයින් එහි කටයුතු උගන්ඩා තානාපති කාර්යාලය හරහා සිදුකරන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.