දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව හා බද්දේගම අතර 92.5 කිලෝමිටර් කණුව අසලදි ධාවනය වෙමින් තිබු වෑන් රථයක පිටුපසින් පැමිණි පුද්ගලික බස්රථයක් ගැටිමෙන් වෑන් රථයේ ගමන්ගත් 09 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස්මුරපොළ පවසයි.
අද (28) උදැසන මෙම අනතුර වි ඇත. තුවාල ලබා ඇත්තේ හම්බන්තොට ප්රදේශයේ පුහුණු වැඩමුළුවකට සහභාගිවිමට යමින් සිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ පිරිසකි. තුවාලකරුවන් කරාපිටිය රෝහලේ 58 වාට්ටුවේ ප්රථිකාර ලබති. වැන් රථය හා බස්රථය එකම දිශාවකට ධාවනය වෙමින් තිබි ඇත.
වෑන්රථය අම්බලන්ගොඩ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබියදි 92.5සැතපුම් කණුව ආසන්නයේ දි කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිවෙගි මාර්ගයේ වැටේ වැදිමෙන් අනතුරකට ලක්ව තිබුණි.
එම ස්ථානයේ දි වෑන් රථයේ වේගය අඩුකිරිමත් සමග පිටුපසින් පැමිණි පුද්ගලික බස්රථය වෑන් රථයේ ගැටි ඇති බැව් පරික්ෂනවලදි අනාවරණය වි ඇත.
අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස්මුරපොළ මෙම අනතුර සම්බන්ධව පරික්ෂණ පවත්වයි.