දඩ මුදල්වලින්, නීතිය ක්‍රියාත්මක කර පමණක් විනීත රියදුරෙකු බිහිකිරීමට නොහැකි නිසා විනීත රියදුරන්ට තෑගි මුදල් ලබාදී විනීත රියදුරු පරපුරක් බිහි කිරීමට කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
අද (18දා) උදෑසන කොළඹ නගරය තුළදී විනීත රියදුරන් තෝරාගැනීම සඳහා සිදුකරන වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මේ බව පැවසූ පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නීතිවිරෝධී ආකාරයට රිය ධාවනය කරන සුළුතර රියදුරන් ප්‍රමාණයක් නිසා සමස්ත රටම අර්බුදයකට ලක්ව තිබෙන බවයි.
මෙම අර්බුදය කඩිනමින් විසඳීම සඳහා විනීත රියදුරන් තෝරාගෙන ත්‍යාග මුදල් ලබාදීම හා විවිධ දැනුවත් කිරීම් සිදුකිරීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද පොලිස්පතිවරයා පවසා සිටියේය.