කටාර් රාජ්‍යයේ සහ තායිලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 135 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. අලුයම 1.20 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
තායිලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානය උදෑසන 9.12 ට බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .