සංචාරක වීසා මත මෙරටට පැමිණ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්රී ලංකාවේ රෙදි වෙළදාමේ යෙදී සිටි ඉන්දීය ජාතිකයෙකු ඊයේ (30දා) නානුඔය නගරයේදි අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු වයස අවුරුදු 31ක්වූ ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.
ඔහු ඊයේ (30දා) නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 10000/- ශරීර ඇප මත මුදා හැර තිබේ.