දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති තද වැසි ත්ත්වය අද (05දා) සිට ක්‍රමයෙන් අඩුවෙනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පලාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත් සබරගමුව පළාතෙන්, මධ්‍යම පළාතෙත්, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිල මීටර් 50ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
උතුර, උතුරු - මැද හා වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.