ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහාය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මේ වන විට තොණ්ඩමන් මහතා සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවත් ඒවා ධනාත්මක වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මීට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.