ශ්‍රී ලංකාවේ ඇති සමස්ත ලංගම ඩිෆෝ 106 තුළම එක් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මුදල් තැන්පති පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. උතුරු ඩිෆෝවේ පමණක් රුපියල් කෝටි 21කට අධික වටිනායකමින් යුත් ස්ථාවර තැන්පතුවක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේම කිසිම අවස්ථාවක ලංගම පෞද්ගලීකරණය නොකරන බවත් ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට ලංගම සේවකයන් 33000කට අධික පිරිසකට පසුගිය වසරේදි රුපියල් 13500 බැගින් ප්‍රසාද දීමනා ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය.