ජුලි මාසයේ සිට අඩුවෙන් විදුලිය පාරිභෝජනය කරන පුද්ගලයන්ගේ මාසික විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඒ අනුව ඒකක බින්දුවේ සිට 30 දක්වා විදුලිය පරිභෝජනය කරන ලක්ෂ දාහතකට වැඩි පිරිසකගේ විදුලිබිල සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි ඔහු පැවැසීය.
අද (24දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඒකක 31 සිට හැට දක්වා පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට නවයකින් අඩු කිරීමට යෝජනා කර ඇති බවයි.
මීට අමතරව ස්ථාවර ගාස්තුව රුපියල් හාරසියය රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
හෝටල් ක්ෂේත්රයේ විදුලි බිල අවමය සියයට 29 - 40 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු කීවේය