ඌව පළාත් සභාවට ජාතික නිදහස් පෙරමුණෙන් තරග වදින බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සරත් රද්දැල්ල මහතාගේ දියතලාවේ පිහිටි නිවසේ පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24 දා) පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් වෙනුවෙන් සිදුකළ සැරසිලි හා කටවුට් කඩා බිඳ දමා ගිනිබත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සහ මහ ඇමතිධුර අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් පිරිසක් ඔහුගේ රුව සහිත වාහනයකින් පැමිණ මෙම ක්‍රියාව සිදු කර තිබූ බවත් මේ පිළිබඳව දියතලාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ජානිපෙ බදුල්ල දිස්ත්‍රික් මෙහෙයුම් ප්‍රධානී පියසිරි විජේනායක මහතා සඳහන් කළේය.