ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන ජනවාරි 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්රතිපත්ති ප්රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පක්ෂ නායකයන් ඇතුළු මන්ත්රීවරුන් සමග අද (13දා) පාර්ලිමේන්තු පරිශ්රයේ පැවති විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගත්බවද මහලේකම්වරයා පැවසීය.
මේ අනුව ජනවාරි 19 වැනිදා ප.ව 1.00 සිට ප.ව 6.00 දක්වා ද ජනවාරි 20 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා ද රජය ගෙන එන යෝජනාවකට අනුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබේ.