දික්වැල්ල නිල්වැල්ල ප්රදේශයේදී ධීවර කටයතු සඳහා ගොස් සිටි ධීවරයෙකු මුහුද මැදදී ඝාතනයට ලක් වී ඇත. ධීවරයාගේ මළ සිරුර සහිත ‘ඉෂාන් 1’ නැමැති බහුදින ධීවර යාත්රාව එම ධීවරා ඝාතනය කළා යැයි සැකකෙරෙන පුද්ගලයා විසින්ම අද දහවල් නිල්වැල්ල ධිවර වරායට රැගෙන විත් ජැටියේ නවත්වා පළා ගොස් ඇත. මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ අබේසූරිය පටබැදිගේ සරත් (42) නැමැති විවාහක පස්දරු පියෙකි.
සිද්ධිය වන අවස්තාවේදී ධිවර යාත්රාවේ සිවුදෙනෙකු සිට ඇති අතර ඉන් ධීවරයින් දෙදෙනෙකු මුහුදේ වැටී සිටියදී වෙනත් ධීවර යාත්රාවකින් බේරාගෙන අද සවස නිල්වැල්ල ධීවර වරායට රැගෙන ඒමෙන් අනතුරුව දික්වැල්ල පෙලීසිය ඔවුන් වැඩි දුර ප්රතිකාර සඳහා බතිගම රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දික්වැල්ල නිමල් ලන්දගේ