හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට කැඳවාගෙන ඒමට තමන් ඇතුළු පිරිසට නොහැකි වුවද, වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම කාර්යයඉටුකරනු ඇතැයි සිතෙන බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (01දා) පැවසීය.
සතෙකුට වුවද කොටුකර පහරදුන් විට ආපසු හැරී පහරදෙන බව කී ගම්මන්පිල මහතා වරදක් නොකර සිටියදී දිගින් දිගටම පදනම් විරහිතව චෝදනා එල්ල කරන අවස්ථාවේ කිසිවෙකු නොඉවසන බවද සඳහන් කළේය.
පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු අරක්ෂක ලේකම්වරයා ඇතුළු රණවිරුවන් හත් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර හදිසියේ නඩු පවරා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් මහතාට තිළිණයක් වශයෙන් පිළීගැන්වීමට බවත්, 2020 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙතැයි ආණ්ඩුව බියට පත්ව සිටින බවත්ය.