ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන පත්වීමක් බැවින් තමාගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භක කටයුත්තකට ඔහු සම්බන්ධ කරගත් බවත්, එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් අනුව එය වැරදි ක්‍රියාවක් වූ නිසා මැතිවරණ කොමසාරිස්වරයාට තමාගේ කනගාටුව ප්‍රකාශ කර, මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන් ප්‍රචාරණ කටයුතු සඳහා යොදානොගන්නා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, කණ්ඩායම් නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ආරක්ෂක ලේකම්තුමා ප්රචාරක කටයුතුවලට සහභාගී කරගැනීම නීතිවිරෝධී බවට සඳහන් කර එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා යොමු කර තිබූ ලිපියකට පිළිතුරු සැපයීමට ඊයේ (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.