ගොන්සාලේස් සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 175ක් ඉක්මවන සුළං සමග බර්මියුඩාව වෙත පැමිණෙමින් තිබෙන බව වාර්තා වෙයි.
චණ්ඩමාරුතයන් පිළිබඳ ඇමෙරිකානු මධ්‍යස්ථානය අනතුරු අඟවා සිටින්නේ සැඩ සුළං හා අධික වැසි ඇතිකරන ප්‍රබල සුළි කුණාටුවක් ලෙස මෙය සඳහන් කළ හැකි බවයි.
මේ වනවිටත් බර්මියුඩා දූපත් සමූහයේ ප්‍රදේශ රැසකට කුණාටුවේ බලපෑම හේතුවෙන් විදුලිය ඇණහිට ඇති බව වාර්තා වෙයි.
නිරන්තරයෙන් සුළි කුණාටුවලට මුහුණදෙන ප්‍රදේශයක පිහිටි නිසාම බර්මියුඩාව මෙවැනි තත්ත්වයන්ට යම් සූදානමකින් පසු වුවද ගොන්සාලේස්ගේ හැසිරීම ගැන කාලගුණ අංශ දැඩි අවධානයකින් පසුවෙයි.
“ඉදිරි පැය 24 වෙනුවෙන් මම සැම දෙනාටම සුබ පතනවා. හැමෝම හැමෝ ගැනම බලාගෙන කටයුතු කරන්න” යැයි ගොන්සාලේස් සුළි කුණාටුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නගරාධිපති ජෝර්ජ් ෆර්ගියුසන් පවසයි.