ගලිගමුව ප්රාදේශීය සභාවේ විපක්ෂනායක අනුරසිරි මංචනායක මහතා එළඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කිරීමට අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය අද (12දා) නියෝග කළේය.
ලෑන්ඩ් ක_ෂර් වර්ගයේ ජිප්රථ දෙකක් ලබාදෙන බව පවසා වංචනික ලෙස රුපියල් ලක්ෂ 27 ක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට විපක්ෂනායකවරයා ඊයේ (11දා) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු උසාවියට ඉදිරිපත් කරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මූලස්ථානය පවසයි.