තමන් ජනපතිධුරයට පත්වූ විට ගම්මිරිස් ප්‍රතිඅපනයනය තනර කරන බව නව ප්රජාතන්ත්රාවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට මහජන ක්‍රීඩාංගනයේදී පැවැති ජන රැළියට අද (19) දින එක්වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. “ප්‍රතිවාදී අපේක්ෂකයා සහ ඔහුගේ පවුල් පරපුර ආසාවෙන් බලන් ඉන්නවා නැවත මන්දිර දේශපාලනයේ නිරත වෙමින් රටේ සම්පත් අවභාවිතා කර ජනතා දේපල සුරා කන යුගය නිර්මාණය කරන්න.
මෙරට පුරවැසිභාවය නොමැති වතු ප්‍රජාව ලක්ෂ 12 කට වැඩි පිරිසකට රණසිංහ ප්‍රේමදාස පියාණන් පුරවැසිභාවය ලබා දුන්නා වගේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා ලෙස වතු ප්‍රජාවට හිමි වන සොච්චම් වැටුප වැඩි කර, පවුලට ජීවත්වීමට අවශ්‍ය හොඳ ආදායම් මාර්ග නිර්මාණය කර ශක්තිමත් ජන ජීවිතයක් උදා කරනවා.
ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ජනාධිපතිවරයාගේ පුද්ගල අධීකෂණය යටතේ වතු කම්කරු ජනතාව වෙනුවෙන් විශේෂ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
සුළු අපනයන භෝග වගාවන්ට අඩු මිලක් හිමිවීම සහ විවිධ ගැටලු නිසා අසරණ වෙලා සිටිනවා. ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝග වලට සාධාරණ සහතික මිලක් ලබා දී ගම් මිරිස් ප්‍රතිඅපනයන ජාවාරම අනිවාර්යයෙන්ම නතර කරනවා.
මන්දිර දේශපාලනය, ප්‍රභූ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. ජන වරමෙන් 16 වෙනිදා තමන්ව ජනාධිපතිධූරයට පත්කළ පසුව එදාටත් අද මෙන් පොඩි මිනිසා ළඟට පැමිණ, ජනතාව ශක්තිමත් කර මාතෘ භූමිය දිනවන ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා ” යැයිද පැවැසීය.