හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්තේ මැද කොටසේ ගිනිගෙන විනාශ වු වතු නිවාස වෙනුවෙන් නව නිවාස ඉදි කරදෙන ලෙස ඉල්ලා ගිනිගත් වතු නිවාස 20 කට අයත් අවතැන් වු පවුල් 19 කට අයත් සමාජිකයන් හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගය පැය දෙකකට ආසන්න කාලයක් අවහිර කරමින් අද (07) උද්ඝෝෂණයක නිරත විය.
ඉකුත් වසරේ දෙසැම්බර් මස 29 දින විදුලි කාන්දු විමක් හේතුවෙන් හටගත් ගින්නකින් එම වතුයායේ වතු නිවාස 20 ක් ගිනිගෙන විනාශ විය.
ගින්නෙන් අවතැන් වු පවුල් 19 කට අයත් සමාජිකයන් 105 දෙනෙක් වතු පාලන අධිකාරිය මගින් එම වතුයායේම ක්‍රිඩාංගණයේ ඉදි කල කුඩාරම් වල තාවකාලිකව පදිංචි කරවිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් තම දු දරුවන් සමග කුඩරම් වල ජිවත් විමට නොහැකි බවත්, එම නිවාස වලට පිවිසෙන විසකුරු සර්පයන්ගෙන් තම ජිවිත වලට අවධානමක් පවතින බවත්, වැසි දින වලදි තම නිවාස වලට ජලය කාන්දු විම නිසා විවිධ දුෂ්කරතා මධ්‍යයේ තමන් එම කුඩාරම් වල ජිවත් වන බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි අවතැන්වුවන් කියා සිටියේ.
හැටන් ඩයගම ප්‍රධාන මාර්ගය පොඩයිස් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසලින් උදැසන 10.30 සිට දහවල් 12.30 දක්වා අවහිර කරමින් ගිනිගත් නිවාස වල පදිංචිව සිටි අවතැන් වු පවුල් වල සමාජිකයන් උද්ඝෝෂණය සිදු කිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
ගිනිගත් නිවාස අලුතින් රජය මගින් ඉදි කිරිම සදහා වතු පාලන අධිකාරිය මගින් සුදුසු ඉඩමක් ලබා නොදිම නිසා නිවාස ඉදි කිරිම ප්‍රමාද වි ඇති බව ද උද්ඝෝෂණයේ නියැලි පිරිස කියා සිටිති.
ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණි නිසා හැටන් මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන හේරත් මහතා එම ස්ථානයට ගොස් උද්ඝෝෂණයේ නියැලි සිටි පිරිස සමග සාකච්ඡා කර කඩිනමින් පාලන අධිකාරිය සමග සාකච්ඡා කර විසදුමක් ලබාදෙන බවට ලබා දුන් පොරොන්දුවක් මත උද්ඝෝෂණය තාවකාලිකව නතර කිරිමට උද්ඝෝෂණයේ නියැලි පිරිස කටයුතු කර තිබුණි.