ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම දුර්ලභ ගණයේ පැනිකට් වර්ගයේ මැණික් ගලක් බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු ළඟ තිබී හදුනාගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියයි.
මේ මැණික් ගල මිල අධික වටිනාකමෙන්ද වැඩි බවද එම අධිකාරිය කියයි.
තමන්ට හමුවූ මේ දුර්ලභ ගණයේ මැණික් ගල රුපියල් කෝටි සියයක් පමණ වටිනා බව එහි අයිතිකරු වන මොහොමඩ් පස්රීන් නසීර් නමැති මැණික් ව්‍යාපාරිකයා කියයි.
මේ මැණික් ගල බලංගොඩ ප්‍රදේශයේ අයෙකුගෙන් මිලදී ගත් එකක් බවද පවසන නසීර් සාමාන්‍ය ගලක් ලෙස මිලදී ගත් මේ ගල පිළිබදව ඇතිවූ සැකය මත ඒ පිළිබදව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් හා මැණික් පිළිබද ජාත්‍යන්තර ආයතනයකින් කරන ලද පරීක්ෂණවලට අනු එම මැණික් ගල ඉතා වටිනා දුර්ලභ ගණයේ එකක් බව අනාවරනයවූ බවද කියයි.
තමා ළග තිබෙන මේ මැණික් ගල කැරට් 616.65ක බරින් යුක්ත බවත් ලංකාවෙන් මෙතෙක් සොයා ගැණුනු විශලතම පැනිකට් වර්ගයේ මැණික් ගල මෙය බවත් නසීර් කියයි.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා එය වටිනා මිලකට මෙය අලෙවි කිරීමට තමන් සූදානම් බවද නසීර් කියයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ අලුත්ගම තුසිත කුමාර ද සිල්වා