කුරුඳු නිෂ්පාදනවලට ලෝක වෙළඳපොළ තුළ ඉහල ඉල්ලූමක් ඇති කිරීම අරමුණු කර ගනිම්න් මෙරට කුරුඳු නිෂ්පාදකයින්ට තවදුරටත් ගුණාත්මක පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. එසේම, කුරුඳු අපනයනකරුවන්ට තම නිෂ්පාදනයන්ට ලෝක වෙළඳපොළ තුළ වැඩි ඉල්ලූමක් ලබා ගත හැකි පරිදි රජයේ මැදිහත්වීමෙන් ප්‍රමිති සහතිකයක් ලබා දීමට ද කටයුතු කරන බව හෙතෙම පැවසුයේ
අද (12) ගාල්ල, අක්මීමන ලබුදූවේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
අපනයන කෘෂි බෝග සඳහා අගය එකතු කිරීම තුළින් එම බෝග මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන ආදායම, ප්‍රාථමික නිෂ්පාදනයන් අපනයනය කිරීමෙන් ලබා ගත හැකි ආදායමට වඩා ඉහළ අගයක් වන බව ද අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව, තමාගේ අභිප්‍රාය වන්නේ උපරිම අගය එකතු කිරීමක් තුළින් ලෝක වෙළඳපොළ තුළ උපරිම ඉල්ලූමක් හා උපරිම ආදායමක් ලබා ගැනීම දක්වා නිෂ්පාදකයින් මෙහෙයවීම බව ද හෙතෙම පැවසීය.
ඉදිරි වසර පහ තුළ අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නැංවීමේ අග්‍රාමාත්‍යතුමාගේ අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා මෙය මහත් පිටිවහලක් වනු ඇති බව ද දයා ගමගේ අමාත්‍යවරයා කීය.