කෑගල්ල දිස්ත්‍රික්කයට ඇදහැළෙන වර්ෂා තත්ත්වය නිසා කෑගල්ල, දැදිගම, දැරණියගල, බුලත්කොහුපිටිය, කිතුල්ගල ප්‍රදේශ ආශ්රිත කඳු නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ නිසා එම ප්‍රදේශයේ කඳු ආශ්රිත ප්‍රදේශවල පදිංචි ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්, මෙම අනතුරු ඇඟවීම අද සවස 5.00 සිට ඉදිරි පැය 24 පුරාම ක්‍රියාත්මක බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා පැවසීය