කොළඹ වරාය නගරයේ පළමු සෘජු විදේශ ආයෝජනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබීය.
එල්.ඕ.එල්.සී. සමාගමට අනුබද්ධ බ්‍රවුන්ස් ආයෝජන සමාගම හා චීනයේ චයිනා වරාය හා ඉංජිනේරු සමාගම අතර මෙම ගිවිසුමට අත්සන් තැබීය.
කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනක ආයෝජනයක් වෙනුවෙන් මෙම අත්සන් තැබීම සිදුවිය.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව නැවත ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණෙන බවට පෙන්වන සුවිශේෂී අවස්ථාවක් බවත් ලෝකය පුරා ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ පිහිටීම හා මානව සම්පත් මගින් සිය ආයෝජන අවස්ථා පුළුල් කිරීමට හොඳ අවස්ථාවක් ඇති බව අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.