කොරෝනා වෛරසය ලෝක ආර්ථිකයට කරන බලපෑම් සාර්ස් වෛරසය කළ බලපෑමට වඩා ඉක්ම යනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙම වෛරස් දෙකම චීනයෙන් ආරම්භ විය. 2003 වසරේදී සාර්ස් වෛරසය ආරම්භවන විට චීනය ලෝක ආර්ථිකයේ 6 වැනි ස්ථානයේ පසුවිය.
කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ දෙවැනි ආර්ථිකයට හිමිකම් කියන්නේ චීනය හේතුවෙන් කොරෝනා වෛරසය චීන ආර්ථිකයට යම් බලපෑමක් එල්ල කර තිබේ.
ඒ අනුව එය ලෝක ආර්ථිකයටද බලපෑමක් එල්ල කරනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.
චීනයෙන් දැඩි ලෙස යැපෙන රටක් බවට පත්ව අති ඔස්ට්‍රේලියාවට මේ වන විටත් බලපෑම් එල්ල වී තිබේ.