කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර 11/25 දින උදෑසන 10.30 ට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පැවති උත්සවයකදී විවෘත කිරීම සිදු විය .
ලොව නැගෙනහිර සහ බටහිර කළාපයන් යා කෙරෙන ආසියාවේ ප්‍රධානතම ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ පළමු පියවර යටතේ වූ දෙවන අදියරේ ඉදිකිරීම් මෙසේ අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කිරීම සිදු විය .මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දෙවන සංවර්ධන ව්‍යාපෘතිය වීම විශේෂත්වයක් වන අතර , ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි ලොව අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වලට අනුරූප වන සැළසුමක් යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කර තිබේ .
මෙමගින් කටුනායක ගුවන් තොටුපළ වාර්ෂිකව ගුවන් මගීන් හැසිරවීමේ ධාරිතාවය මිලියන 06 සිට මිලියන 15 දක්වා ඉහළ යෑමට නියමිතය.
එසේම ගුවන් බස් දොරටු සංඛ්‍යාව 06 සිට 16 දක්වා ද , ගුවන් මගී විවේකාගාර 04 සිට 10 දක්වා ද , ආගමන විගමන පිරික්සුම් කවුළු 53 සිට 149 දක්වා ද , ගුවන් යානා නැවැත්වීමේ අංගන 23 සිට 49 දක්වා ද වැඩි වීමට නියමිතය .
මෙම උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය .
ගෝලීය වසංගත තත්වයක් රටේ පවතින අවස්ථාවකදීත් මෙම ව්‍යාපෘතිය නිම කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් . ඉකුත් 2014 වසරේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ ද , පසුගිය යහපාලන රජය , මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබුණා . එයින් රටටත් , ගුවන් තොටුපළටත් විශාල පාඩුවක් සිදු උනා . යැයි ද ප්‍රකාශ කළේය .
ඉන්පසුව සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා ද උඋත්සවය සභාවේ දී ස්තුතිය පළ කරමින් අදහස් දැක්වීය .
ඉන් අනතුරුව ගුවන් තොටුපළ නව ගුවන් යානා නැවැත්වීමේ අංගනය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව , එහි වූ සමරු ඵලකයක ද අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කළේය .