කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ කටයුතු මේ වන විට ආරඹා ඇත.
එම ගුවන් තොටුපළේ පවතින මගී තදබදය අවම කිරිම එහි අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමාගම වැය කරන මුදල රුපියල් මිලියන 600කි. මාර්ග සංවර්ධන අධිකාරිය සෘජුවම එම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මේ සදහා එම ගුවන් තොටුපළ ඉදිරිපිට තිබු ආයෝජන මණ්ඩලයට අයත් ඉඩමක් නොමිලයේ ලබා දුන් බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම නව ප්‍රවේශ මාර්ගය පුළුල් කිරීමත් සමග කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක අන්තයේ පවතින තදබදය අවම වනු ඇත. ගුවන් තොටුපළ ඉදිරිපස ඇති තදබදය මේ සමග සම්පුර්ණයෙන්ම අවසන් වනු ඇති බව ඇමතිවරයාගේ අදහසයි. ලබන මාර්තු 20 වන දින විට මෙම සංවර්ධන කටයුතු අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ද මේ වනවිට සංවර්ධන ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක වේ. එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ ද කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියට අනුවයි. ඇමතිවරයා සඳහන් කළේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වාර්ෂිකව හැසිරවිය හැකි ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 06 ක් බවයි. එහෙත් මේ වනවිට ගුවන් මගීන් වාර්ෂිකව මිලියන 11කට ආසන්න පිරිසක් කටුනායක ගුවන් තොටුපළ භාවිතා කරන බවද ඇමතිවරයා පැවසීය. ඒම නිසා ඊට සරිලන පරිදි කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමට අපේක්ෂා කරන බවට රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.