අයවැය යෝජනාවලියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව සූදානම් නම් එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අද ට පැවසීය.
ඒ අනුව වී, තේ හා රබර් ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය යළි ලබාදීම, වාහන බදු අඩුකිරීම ඇතුළු ජනතාවාදී සංශෝධන ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"අයවැයට අපි විරුද්ධ වෙනවා කියන්නේ ජනතා සහන ලබාගැනීමට තියෙන අවස්ථාව අහිමි කරමින් ජනතාව අපහසුතාවට පත් කරනවා කියන එකයි. විපක්ෂයක් විදියට ජනතාවට සහන අරන් දෙන්න පුළුවන්නම් අයවැයට විරුද්ධවෙන එකේ තේරුමක් නැහැ.
ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ කමිටු රැස්වීම්වලදී අයවැයට අදාළව අපි ඉදිරිපත් කරන සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව සූදානම් නම් ඡන්දෙ දෙන්න සූදානම්. මේ අයවැය ජනතාවට බරක් කියන එක අපි පිළිගන්නවා. නමුත් සංශෝධන පිළිගන්නවා නම් ඡන්දෙ දියයුතු බවයි ඒකාබද්ධ විපක්ෂයේ පොදු අදහස වන්නේ" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.