කිලිනොච්චි, ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකුට වෙඩි තබා පළා ගිය හිටපු ඒල්.ටි.ටී.ඊ. සාමාජිකයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකුට සැගවීමට උපකාරකළ බව කියන ද්‍රවිඩ ජාතික කාන්තාවක ඊයේ (14 දා) අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
එසේම ඇය වැඩි දුර පරීක්ෂණ සඳහා අද (15 දා) කොළඹට රැගෙන ඒමට නියමිතය. ඇයගේ දියණිගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් දියණියද පොලිස් භාරයට ගෙන ඇත.