ඇහැළියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එල්ලාවල ගම හරහා ගලා යන එල්ලාවල ගගේ පතල් කැපීමට දුන් බලපත්ර තාවකාලිකව අත්හිටවු බව රත්නපුර අතිරේක දිස්ත්රික් ලේකම් නීතිඥ පී.උඩෝවිට මහතා පැවසුවේය.
රත්නපුර දිස්ත්රික් කෘෂිකර්ම කමිටුවට නිල දැනුම්දීමක් කරමින් අතිරේක දිස්ත්රික් ලේකම්වරයා මේ බව ස`දහන් කළේය. එල්ලාවල ගගේ ඉවුරව, රක්ෂිත වලට සහ යාබද ඉඩම් වලට මෙන්ම සමස්ත පරිසරයටම හා දියඋල්පත්වලට හානි වන අන්දමින් එල්ලාවල ගගේ සිදුකරන මැණික් පතල් කැපීම වහාම නවත්වන ලෙස දිගින් දිගටම ප්රදේශයේ ගොවි ජනතාව, ප්රදේශවාසීන් මෙන්ම පරිසරවේදීන් ඉල්ලා සිටියහ.
රත්නපුර දිස්ත්රික් කෘෂිකර්ම කමිටුවට කළ දැනුම්දීමක් මත මෙම ගංරක්ෂිතයේ අනවසර පතල් කැපීම පිළිබ`දව සාමූහික පරීක්ෂණයක් කළ බව අතිරේක දිස්ත්රික් ලේකම්වරයා පැවසුවේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඇහැළියගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලව, පතල් හා කැනිම් දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව සිදු කළ මෙම සාමූහික පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගෙන රත්නපුර දිස්ත්රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට කළ නියෝගයක් අනුව දී ඇති පතල් කැණීම් බලපත්ර තාවකාලිකව අත්හිටවු බව ද ඔහු පැවසුවේය.