එකවර රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි යන්ත්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු නිර්මාණය කර තිබේ.
නුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒ්කකයේ හෙද නිලධාරි බිහාන් හපුතන්ත්‍රී මහතා විසින් එකවර මෙම යන්ත්‍රය නිපදවා තිබේ.
එම යන්ත්‍රය අද දින (02දා) සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හදුන්වාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
ප්‍රමාණවත් තරම් කෘත්‍රීම ස්වසන යන්ත්‍ර නොමැතිවීම නිසා විදේශ රටවල ජනතාවගේ ජිවිත අහිමිවීමට හේතුවක් වෙයි. රුපියල් ලක්ෂ 40 ක් පමණ වන මෙම කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර ශ්‍රී ලංකාව තුල 500 ක පමණ ප්‍රමාණයක් තිබුනත් කොරෝනා රෝගීන් සදහා ඒවායින් ප්‍රයෝජනයට ගත හැකි වන්නේ යන්ත්‍ර 300 ක් වැනි ප්රමාණයකි.
ඔහුගේ නව නිර්මාණය අනුව එක් කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයකින් රෝගීන්ට විෂබීජ පැතිර නොයන පරිදි රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය එකවර ලබාදිය හැකි බැවින් දැනට රෝහල්වල තිබෙන 500 ක් වන කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර සංඛ්‍යාවෙන් ලබාදෙන සේවාව 2000 දක්වා ඉහළ නැංවිය හැකි බව ද පෙන්වා දෙයි.
එම නිසා හදිසි තත්වයකදී මෙම ක්‍රමවේදය මගින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට විශාල පහසුවක් වේ. මෙම නව නිර්මාණය නිසා රජයට විශාල මුදලක් ඉතිරි වන බවද බිහාන් හපුතන්ත්‍රී මහතා අමාත්‍යවරියට පැහැදිලි කළේය.