ඉබෝලා වෙනුවෙන් සටන් කිරීමට සමස්ත ලෝකයම පෙරට පැමිණිය යුතු බව ලයිබීරියානු ජනාධිපතිනී එලන් ජොන්සන් සර්ලීෆ් අවධාරණය කරයි.
මෙවැනි වසංගතයක් දේශසීමා නොසලකන බැවින් සෑම රටක්ම ඒ වෙනුවෙන් සටනට පිවිසිය යුතු බව බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් ඇය පවසා තිබේ.
ඇය වැඩිදුරටත් පවසන්නේ මේ තත්ත්වය තුළ බටහිර අප්‍රිකාවේ පරාම්පරා කිහිපයක් ආර්ථික වශයෙන්ද අගාධයකට ඇද දැමීමට මේ මහා වසංගතය හේතු වනු ඇති බවයි.
ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වනවිට ජීවිත හානි 4,500කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුව ඇති අතර, එහිදී ලයිබීරියාවේ පමණක් මරණ 2,200ක් වාර්තා වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ආධාර සංවිධානවලට මෙම දරුණු වසංගතයට මුහුණ දීම වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර ආධාර ප්‍රමාණවත් නොවෙයි.
ඉබෝලා දරුණු ලෙස පැතිරී ඇති ගිනියාව, ලයිබීරියාව සහ සියෙරා ලියෝන් යන රටවල මේ වනවිට පුද්ගලයන් 9,000කට ඉබෝලා වැළඳී ඇති අතර, වෛරසය වැළඳුණු අයගෙන් 70% ක් පමණ ජීවිතක්ෂයට පත්වන බවත් වාර්තා වෙයි.