(UPDATE) වරකාපොළ ඉන්ධන පිරවුම්හළක් තුළදී පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලුතිනන්වරයා ඇපමත මුදාහැර තිබේ. සැකකාර ලුතිනන්වරයා වරකාපොළ මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියමකර ඇත.
වරකාපොළඉන්ධන පිරවුම්හලක ආරක්ෂාව සඳහා සිටියදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම හටගෙන තිබුණි.
වරකාපොල පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට ලැබුණ ඩීසල් තොගයක් වාහනවලට ලබාදෙමින් සිටියදී පෝලිමෙන් පිට පැමිණි වාහනයකට ඉන්ධන ලබාදිමට කටයුතු කළ පොලිස් නිලධාරියෙකුට හමුදා නිලධාරියෙක් පහරදී තිබේ.
මෙම පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා රෝහල් ගත කර තිබේ. පසුව පහරදුන් හමුදාවේ ලුතිනන් නිලයට අයත් නිලධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වරකාපොලට ඉන්ධන ලැබුණ පසු හමුදාව හා පොලීසිය මැදිහත්ව එය ජනතාවට ලබාදීමට කටයුතු කරන අතර පොලිම්වලින් පිට පැමිණෙන පුද්ගලයන්ට ඉන්ධන ලබානොදීමට කටයුතු කරයි.