යාපනය කරෙයිනගර් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධිවරයින් 16 දෙනෙකු අද (30දා) අලුයම උතුරු නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ නඩරාජා ගනේෂමූර්ති මහතා පැවසීය.
නඩරාජා ගනේෂමූර්ති මහතා පැවසුවේ දකුණු ඉන්දියාවේ කොට්ටේපට්ටනම් ප්‍රදේශයේ සිට ට්‍රෝලර් යාත්‍රා හතරකින් පැමිණ උතුරු මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවරයන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් ධීවරයන් හා ධීවර යාත්‍රා අද (30දා)කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවටද යාපනය දිස්ත්‍රික් ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීහු පැවසූහ.