කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත
2011 ලෝක කුසලානය ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවා දුන්නේද නැද්ද සෙවීම සදහා ආරම්භ කෙරුණු විමර්ශනය ආණ්ඩුව මැදිහත්වෙලා යට ගැහැව්ව බවත් එය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් තමන්ට අවාසි වන බව දැන්ගත් ආණ්ඩුව එය ඉදිරියට යාම වැලැක්වූ බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් බොරු චෝදන දැම්මොත් අපේ රටේ ක්‍රීඩා නීතිය යටතේ වසර තුනක සිර දඩුවමකට යටත් කරන්නත් පුලුවන් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එදා ඉන්දියාවට ගොස් ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු විදෙස් කටයුතු සම්බන්ධීකරන ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණ්වර්ධන මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සදහා අද (4) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදි එසේ කීවේය .
එහිදි තව දුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු විදෙස් කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස මටත් 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය නරඹන්න අවස්ථාව ලැබුණා. එහිදි මටනම් දැක ගන්නට ලැබුනේ නැහැ ඒ මැචෙක අපේ ශ්‍රී ලංකා කණ්ඩායම පාවා දුන්නා කියලා . ඉන්දියාවත් ලංකාවත් අතර පැවති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මම හොදින් නැරඹූවා. එහිදි කිසිවිටකවත් අපේ කණ්ඩායම ඒ තරගය පාවා දුන්නා කියලා පොඩිම සැකයක්වත් අපිට ඇති වුනේ නැහැ. එක් අවස්ථාවකදී අපේ කණ්ඩායම ජයග්රාහණයේ මාවතට පැමිණීලා සිටියා.
එය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නතර කරලා ජය ඒ අයගේ පැත්තට යොමු කර ගත්තා.ඒකයි එදා සිද්ධවුනේ . සිද්ධවෙන්න පුලුවන් දෙයක් තමයි එදා සිද්ධවුනේ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මම විශාරදයෙක් නෙමෙයි. නමුත් ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් මම දැනගෙන සිටියා . එදා ඒ දේ සැබවින්ම අත්වින්දා. මා මිත්‍ර හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙය නොදැන සිටීමයි මෙයට එකම හේතුව .
මේ චෝදනාව තනිකරම ජවනිකාවක් .දේශපාලනික ජවනිකාවක්.මටනම් හිතෙනවිදිහට මේ මහින්දානන්දගේ ඕනකමකට වුනු දෙයක් නෙමයි. මේක පිටි පස්සේ කවුරුහරි ඉන්නවා.
එතුමා දැන හෝ නොදැන මේ කළ වැඩෙන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තරයෙන් ලොකු බලපැමක් එල්ලවුණා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින් පිලිබදව ජාත්‍යන්තරය වැරදි විදිහටයි දැන් බලන්නේ. ලෝකයේ වෙන කොහේ රටක ක්‍රිකට් තරග පාවාදෙන ක්‍රිකට් ක්‍රීඩකයින් හිටියත් ලංකාවේ එහෙම නැහැ කියලා මුලු ලෝකයාම පිලිගෙන තිබූ අවස්ථාවක මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ කල වැඩේ සුලුපටු වැඩක් නෙමෙයි.
මම හිතන්නේ මේක දේශපාලනික ගේමක් . මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල බලන්න ඕන. අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට මේ වගේ චෝදනාවක් එල්ල කලේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්නයි . ඒකයි අවුරුදු නවයක් නිදාගෙන හිටිය හිටපු ක්‍රිඩා ඇමති මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මේ අවස්ථාවේදිම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට බවුන්සර් පන්දුවක් එව්වේ. ඒ අය හිතුවේ නැහැ මේක ජාත්‍යන්තරයේ පවා මහත් ආන්දෝලනයකට ලක්වේවි කියලා. මේ චෝදනාවෙන් ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තරයම ඇවිස්සුනා.එයින් ආණ්ඩුවට විශාල චෝදනා එමින් තිබුනා. ආණ්ඩුවට අපකීර්තිය ගලා ඒම සිද්ධවුණා. එයින් බේරෙන්නයි මේ වෙනුවෙන් සිදු කෙරුණු විමර්ශන හදියේම නතර කරන්න කටයුතු කරලා තියෙන්නේ. මේකත් ආණ්ඩුවේ මැදිහත්වීමක් . තව දුරටත් මේ විමර්ශණය ඉදිරියට ඇදිලා ගියහොත් ආණ්ඩුවට ලොකු අවාසියක් ජාතික හා අන්තර් ජාතික වශයෙන් වෙන නිසා හදිසියේම එය නතර කරන්න ආණ්ඩුව කටයුතු කලා.
අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කල මේ චෝදනාව බොරුනම් ක්‍රීඩා නීතිය යටතේ එය වසර තුනක සිර දඩුවමකට යටත් කරන්න පුලුවන් ලොකු වරදක් .