(UPDATE) අනුරාධපුර පූජා නගරයට අද උදේ කඩා වැදුණු වන අලියකුගේ පහරින් ඇල්ලකට්ටුව පදිංචි අංගම්පේලිගේ ගුණදාස (65) සහ සන්දරනා (63) මියගොස් තිබේ.
බසවක්කුලම හා තිසා වැව දෙසින් ශ්රී මහා බෝධිය පැත්තට දිවූ බව කියන අලියා මේ වන විට වලිසිංහ හරිස්චන්ද්ර ක්රීඩාපිටියේ රැදී සිටී.
යුධ හමුදාව හා නාවික හමුදාව විසින් රැකවල් දමා ක්රිඩාපිටිය වට කර ඇත.අනුරාධපුර නගරයට හා අවට පාසල් වලට පොලීසිය හා විශේෂ කාර්යය බලකාය යොදා ආරකෂාව තර කර ඇත.