අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ගල්කිස්ස අධිකරණය ආසන්න ප්‍රදේශයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
දිනුම් ඇදීමකින් මූල්‍ය ත්‍යාග හිමි වී ඇති බව පවසමින් සැකකාර විදෙස් ජාතිකයින් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.
සැකකරුවන් අතර නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු සහ උගන්ඩා ජාතිකයෙකු වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.