අධිකරණ හා නීති ක්ෂේත්රයේ කටයුතු කිරීමට අවශ්‍ය නිදහස් පරිසරයක් සකස් කිරීම රජයේ වගකීමක් බවත්, මාස දහයක් තරම් වන තම රජයේ පාලන කාලය තුළ තමා දැනුවත්ව කිසිදු දේශපාලන මැදිහත් වීමක් අධිකරණයට සිදුකර නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු හා ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපතිවරයයෙකු වූ සී.ජී. වීරමන්ත්රී මහතාගේ වෘත්තීය ජීවිතය වසර 50 ක් පිරීම වෙනුවෙන් පෙරේදා (24දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සංවිධානය කර තිබූ උත්සවයට එක්වෙමිනි.
මෙය සී.පී. වීරමන්ත්රී වැනි විනිසුරුවරුන් රටට වැඩි වැඩියෙන් අවශ්‍ය වී ඇති යුගයක් බවත්, මෙරට නීති හා අධිකරණ ක්ෂේත්රයේ සියලුදෙනාට විනිසුරු වීරමන්ත්රී මහතා කදිම ආදර්ශයක් සපයා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.