කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවදානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන්පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි නුවරඑළිය මහානගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා අද (09) පැවැසීය.
පුත්තලමේ සිට කොරෝනා වයිරසය ආසාදිත වූවෙකු මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානයේ සැරිසරා ඇති බවට තොරතුරු ලැබීමත් සමග එම ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතට යාම ඊයේ (08) රාත්‍රියේ සිට තහනම් කර ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.
Read Moreවිදෙස් රටවල සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 29 ක කාලයක් නිරෝධායනයට ලක්වු අසවන් කණ්ඩායම වු 37 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් අද ( 09) වෙනිදා පෙරවරුවේ තම නිවෙස් කරා පිටව ගියහ.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරායට වාහන රැගෙන යාමට කොළඹ ඇතුළු පිටස්තර දිස්ත්‍රික්ක වල පැමිණෙන පිරිස් තම ගම්මාන තුල සැරිසැරීම තුළින් තම ගම්මාන තුළ සිටින ජනතාවද අවධානමකට ලක්වන බව පවසමින් අද (09) පෙරවරුවේ හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ජනතාව හම්බන්තොට වරාය පිවිසුම් දොරටුව අබියසදී ඒ සදහා විරෝධය පෑම හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇති විය .
Read Moreගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුමක් හඳුන්වා දී ඇත.
Read Moreකොවිඩ් -19 නිසා අසරණව සිටින පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දීමනාව ලබා දීමට ජනාධිපතිතුමා එකඟත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More(LONG READS) නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග ගෝලීයව සිදුව ඇති ආර්ථික අර්බුදයේ දරුණු බලපෑමක් අපගේ ආර්ථිකය වෙතද මේ වනවිට දැනෙමින් පවතී. එසේම එහි වඩාත් දරුණුතම අවස්ථාව ඉදිරි මාසය දෙකේදී මෙරටට උදාවන බවත් නොරහසකි.
Read Moreසජීවී පාර්ලිමේන්තු සැසියකට ඔබත් එක්වන්න
Read Moreබේරුවල පන්නිල , කරදගොඩ ,අක්කරගොඩ, චීන කොටුව යන ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් හමුවූ ගම්මාන අවදානම් රතු කලාප ලෙස නම් කර එම ගම්වල පදිංචිකරුවන් ව හුදෙකලා කර නිරෝධායනයට ලක්කිරීමෙන් තමන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම මේ වන විට ගැටලුවක් බව නිරෝධායනයටට ලක්වන පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ කරති.
Read Moreකොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් හැටහත් දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (9) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.
Read Moreවර්තමානයේ රජය රට තුල සිදු කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, උඩරට එළවලු ගොවියන් හා තොඟ වෙළෙන්ඳන් මේ වනවිට දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇතැයි හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.
Read Moreවිදුලිබිල නොගෙව්වා කියා විදුලිය විසන්ධි කිරීමක් නෑ, කිසිදු හිගයකින් තොරව විදුලිය අඛණ්ඩව සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම්
Read Moreශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේද එකඟතාව අනුව මෙම කටයුතු සම්පාදනය කර තිබේ.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ මේ 14,817ක් වන අතර, එය ඉතාලියේ මරණ 17,669 අභිභවන තරම් වේගයකින් සිදුවෙයි.
Read Moreලොව පුරා මෙතෙක් සිදුව ඇති කොවිඩ්-19 මරණ 90,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
Read Moreහෙට (9) රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන අතර මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමට ද අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Read Moreඋපසම්පදා විනයකර්ම මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.
Read Moreමේවා සොබාදහමේ පළිගැනීමක් දැයි මම නොදනිමි, නමුත් ඒවා නිසැකවම සොබාදහමේ ප්‍රතිචාරයි.” යැයි උන්වහන්සේ පවසති.
Read More(LONG READS)කොවිඩ්-19 සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන් තුළ අවධානය යොමු වී තිබුණේ, කොවිඩ්-19 පැතිර යෑම මර්දනය කිරීමට සහ කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතයෙන් අනතුරුව ඇතිවන ඵලවිපාකයන් හා සාධනීය ලෙසින් කටයුතු කිරීමට වන උපාය මාර්ගයන් තුනක් වෙතයි.
Read Moreපුත්තලම අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමය තුල පවුල් 17 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් සුරේෂ් මහතා පවසයි .
Read Moreගාල්ල වරායට පැමිණෙන නෞකාවලින් ක්ලින්කර් ගොඩබානු ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව ගාල්ල වරාය පොලීසිය පවසයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
Read Moreඅද පස්වරු වන විට COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.
Read Moreකල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 41 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා තාවකාලිකව නාවික හමුදාව වෙත ලබා දීම අද (08) සිදු කරන ලදි.
Read Moreසමාජ මාධ්‍ය හරහා අසත්‍ය වීඩියෝ පට නිරන්තරයෙන් සමාජ ගත කිරීම විලාසිතාවක් වි ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
Read Moreරජය විසින් ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක දීම මෙරට දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛ කාර්යයක් සේ අවධාරණය කර ඇති බවද අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
Read Moreවිසි පස් හැවිරිදි භාෂා මුකර්ජි එංගලන්ත රූ රැජිණ ලෙස 2019 වර්ෂයේ කිරුළු දැරූ සුරූපිනියයි. පසුගිය දෙසැම්බරයේ පැවති ලෝක රූ රැජිණ තරගයට එංගලන්තය නියෝජනය කරමින් සහභාගී වූ ඇය කනිෂ්ඨ වෛද්‍යවරියක ලෙස ගත කළ වෘත්තීය ජීවිතයට විවේකයක් ලබාදුන්නේ රූ රැජිණක් ලෙස සිදුකළ යුතු පුණ්‍ය කටයුතු වල යෙදීම වෙනුවෙනි.
Read Moreශ්‍රී ලංකාවේ පැතිරමින් පවතින කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වයේ දී භාවිතා කළ හැකි ඖෂධ වර්ග 3,668 ක් ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස රැගෙන , ඉන්දීය ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (8) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreයුධ හමුදාව විසින් නවිකරණය කරන ලද ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඩ පැරණි සම්ප්‍රේශණ ගොඩනැලිල්ල කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරිම සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ප්‍රධානින් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිනි.
Read More