සමාජ ජාල භාවිතයේදී ඔබ පිළිපැදිය යුතු ආචාර ධර්ම 7ක්
- 2 05 2018
- 09:37
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01. සමාජයේ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමට හේතුවන සිද්ධීන් හෝ ක්‍රියාකාරකම් ගැන (ආගමික, දේශපාලන හෝ වෙනත්) විස්තර පළ කිරීමෙදී ඒවා නියම ආකාරයෙන් කරුණු දැන පමණක් පළ කරන්න.
02. නිරුවත් පින්තූර, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වැනි සමාජ විරෝධී දේවල් ප්‍රචාරය සඳහා සමාජ ජාල හෝ අන්තර්ජාලය යොදා නොගන්න.
03. වෙනත් පුද්ගලයන්ගේ රුව යොදාගෙන පෝස්ටර් නිර්මාණය කිරීම වැනි කටයුතු නොකරන්න. කිසිවිටකත් වෙනත් පුද්ගලයන්ගේ මුහුණු පින්තූරවලට බද්ධ කිරීම වැනි කටයුතු නොකරන්න. ඒවා ෆේස්බුක් වැනි ප්‍රසිද්ධ සමාජ ජාලා තුළ තහනම් කටයුත්තක්ද වේ.
04. ඔබ විනෝදය සඳහා ජංගම දුරකථනයෙන් පින්තූර ගැනීමේදී ඒවා සමාජ ජාල තුළට ස්වයංක්‍රීයව ඇතුළත් වනසේ සකසා ඇතිදැයි සැලකිලිමත්වන්න. එවැනි විටක කිසිවකු (මිතුරන් , පවුලේ අය හෝ වෙනත්) අපහසුතාවට පත්වන ආකාරයේ පින්තූර ගැනීමෙන් වළකින්න. යම්හෙයකින් එවැනි දෙයක් තුන්වන පාර්ශ්වයක් සතු වුවහොත් ඇතිවන තත්ත්වය ගැන සිතා බලන්න.
05. විවිධ පුද්ගලයන් ඉලක්ක කර නිර්මාණය කරන ලද මඩ පෝස්ටර හෝ විකෘති කරන ලද පින්තූර ආදිය ප්‍රසිද්ධ කිරීමෙන් වළකින්න. බොහෝවිට මෙවැනි ප්‍රචාර පෞද්ගලික පළිගැනීම් සඳහා නිර්මාණය කරන ලද ඒවා වේ. එවැනි දෑ ඔබගේ ගිණුමේ පළ කිරීමෙන් වළකින්න. එවැනි ප්‍රචාරයක් ඔබගේ සොයුරාට / සොයුරියට හෝ ඔබටම සිදුවුවහොත් ඇතිවිය හැකි තත්ත්වය ගැන අවබෝධ කරගන්න. එබැවින් එවැනි පුද්ගලයන් අපහසුතාවට ලක් කරන කටයුතුවලින් වළකින්න.
06. කිසිවකුගේ සමාජ ජාල ගිණුුම්වලට හොරෙන් ඇතුළුවීමට හෝ ඒවා අවභාවිත (misuse) කිරීමට උත්සාහ නොකරන්න. අත්වැරදීමකින් ඔබ අතට පත්වූ යම් අෙයකුගේ ගිණුමක් ඇත්නම් එයින් ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයේ දෑ පළකිරීමෙන් වළකින්න. ඔබ එය පසුව මකා දැමීමට සිතා විනෝදය පිණිස කරන ලද්දක් වුවත් එය දකින ඕනෑම අයෙකුට එහි පින්තූරයක් (screenshot) රැගෙන තබාගත හැකි බව අමතක නොකරන්න.
07. යම් තොරතුරක් ඔබගේ සමාජ ජාලයේ හෝ අන්තර්ජාලයේ පළකිරීමට පෙර හොඳින් සිතා බලන්න. ඔබ වැඩිදුර නොහිතා පළකරන දෑ තුළින් අනපේ්ෂිත සිද්ධීන්වලට මුහුණ පෑමට සිදුවනු ඇත. අන්තර්ජාලය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු බව මතක තබාගන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

